• ගෘහය
  • නිරන්තර අසනු ලබන ප්‍රශ්න

නිරන්තර අසනු ලබන ප්‍රශ්න

ප්‍රථමයෙන් ඔබ ඔබේ නිපුණතා සේවාස්ථ පුහුණුව සම්පූර්ණ කළ යුතුය.
යම් අයුරක සුවිශේෂිත වූ හේතුවක් මත ඔබට ඔබේ නිපුණතා සේවාස්ථ පුහුණුව අඛණ්ඩව පවත්වා ගෙන යාමට නොහැකි නම්, කරුණාකර ඔබේ අධීක්ෂණ සංවිධානය හෝ නිපුණතා සේවාස්ථ පුහුණුව කිරීම් සංවිධානය සමඟ සාකච්ඡා කරන්න.

නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇත්නම්, ඔබට පරීක්ෂණයකින් තොරව ජපානයේ වැඩ කළ හැකිය.
කෙසේ වෙතත්, ඔබ ඔබේ නිපුණතා සේවාස්ථ පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට පරිබාහිරව වෙනත් ක්ෂේත්‍රයක වැඩ කිරීමට අදහස් කරන්නේ නම්, ඔබට වැඩ කිරීමට අවශ්‍ය ක්ෂේත්‍රය සඳහා ප්‍රවීණතා පරීක්ෂණයක් ලබා ගැනීමට සිදුවේ.

ඔබ විශේෂිත නිපුණතා සේවක (i) යටතේ සිටීනම් ඔබට ඔබගේ පවුලේ සාමාජිකයින් ඔබ සමඟ ගෙන ඒමට නොහැක.
කෙසේ වුවද, කලත්‍රයෙකු හෝ දරුවෙකු වැනි අයකු පවුලේ සාමාජිකයෙකු ලෙසට දැනටමත් ජපානයේ පදිංචිය පිළිබඳ තත්වය යැපීම් සහිතව ජීවත්වීමක් සිදු කරයිනම්, එවිට ඔවුන්ගේ පදිංචිය පිළිබඳ තත්වය වෙනස් කිරීමට ඔවුන්ට ඉඩ දෙනු ඇත.
වැඩි විස්තර සඳහා කරුණාකර ආසන්නම ආගමන කාර්යාලය අමතන්න.

ඔබ ප්‍රවීණතා පරීක්ෂණයකින් සමත් වුවහොත් හෝ නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) හෝ (iii) සතුටුදායක ආකාරයෙන් සම්පූර්ණ කළහොත් විශේෂිත අධ්‍යාපන පසුබිමක් අවශ්‍ය නොවේ.
විශේෂිත නිපුණතා සේවක, ලෙස වැඩ කිරීමට නම්, ඔබට අවම ලෙස වයස අවුරුදු 18 විය යුතුය.

ඔබ රැකියා අපේක්‍ෂා කරන ක්‍රියාකාරකම් නියැලී සිටී නම්, ඔබට අවම වශයෙන් ජපානයේ පදිංචිය පිළිබඳ තත්ව කාලය තුල, පදිංචිය සඳහා රැඳී සිටිය හැකි අතර, ඔබේ නව රැකියාව එකම ක්‍ෂේත්‍රයකම නම්, ඔබට ප්‍රවීණතා පරීක්‍ෂණයකින් තොරව වෙනත් සමාගමක සේවය කළ හැකිය.
කෙසේ වුවද, යම් කිසි විශේෂිත හේතුවක් නොමැතිව, මාස තුනක් හෝ ඊට වඩා කාලයක් විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්ව සංබන්ධ කටයුතුවල නොයෙදී සිටීනම් — උදාහරණයක් ලෙස ඔබ මාස තුනක් හෝ ඊට වඩා කාලයක් රැකියාව නොසොයා කාලය ගත කරන්නේනම් — ඒ අනුව ඔබගේ පදිංචිය පිළිබඳ තත්වය අවලංගු වනු ඇත.

ඔබට රියදුරු බලපත්‍රයක් තිබේනම්, එවිට ඔබට මෝටර් රථයක් පැදවීම කළ හැකිය.
ජපානයේ ජීවිතය හා සම්බන්ධ විවිධ තොරතුරු ඔබේ සමාගම විසින් ඔබට ලබා දෙන්නාවූ ජපානයේ ජීවිත්වීම් දිශානති සැසියේදී ලබා ගත හැකිය.
ජපානය තුල ජීවත්වීම හා වැඩ කිරීම පිළිබඳ වටිනා තොරතුරුද ජීවන හා රැකියා පිළිබඳ මාර්ගෝපදේශ පොතහි දක්වා ඇත.(ඉංග්‍රීසි පමණි)
http://www.moj.go.jp/EN/nyuukokukanri/kouhou/m_nyuukokukanri10_00001.html

අමතර රැකියාවක් කිරීම පිණිස පෙර අවසර දී ඇති පදිංචිය පිළිබඳ තත්වය යටතේ අනුමැතිය ලබා දී ඇති ක්‍රියාකාරකම් හැර වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීමට අවසර දීම ඔබට ලබා ගත නොහැක.

විශේෂිත නිපුණතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය යට‌තේ ඔබට ජපානයේ රැඳී සිටිය හැකි උපරිම කාලය වනුයේ අවුරුදු පහකි.
එ් හේතුව නිසා, ස්ථිර පදිංචිකාර පදිංචිය පිළිබඳ තත්වයකට මාරුවීම අපහසුය.

2020 අප්රේල් සිට, ප්රවීණතා පරීක්ෂණ පිණිස පෙනී සිටීම සඳහා තාවකාලික සංචරක පදිංචිය පිළිබඳ තත්වය මත ජපානයට පැමිණිමට හැකි නිසා ඔබට ජපානයේදී ප්රවීණතා පරීක්ෂණයට පෙනී සිටීම ලබා හැකිය.

ඔබට කොපමණ වාර ප්‍රමාණයක් ප්‍රවීණතා පරීක්‍ෂණයක් කළ හැකිද යන්නට සීමාවක් නැත, නමුත් ප්‍රවීණතා පරීක්‍ෂණයක් පිණිස මුදල් වැය වේ.

මෙයින් කොයියම් පරීක්ෂණයක් සමත් විය යුතුයි. මෙවැනි අවස්ථාවකදී, මූලික ජපන් භාෂා නිපුණත්ව ජපන් පදනම් පරීක්ෂණයෙන් සමත් වීමට ඔබට අවශ්‍ය නැත.
කෙසේ වුවද, සාත්තු සේවා ක්ෂේත්‍රයයේ වැඩ කිරීමට නම්, ඉහත සඳහන් පරීක්ෂණ දෙකෙන් එකකට අමතරව සාත්තු සේවා සඳහා වන ජපන් භාෂා ඇගයීම් පරීක්ෂණයයෙන් සමත් විය යුතුය.

ඔබ නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සාර්ථකව සම්පූර්ණ කර ති‌බේනම්, ඒ අනුව ඔබට ජපන් භාෂා පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නැත. කෙසේ වුවද, ඔබට වැඩ කිරීමට අවශ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතා පරීක්ෂණයක් කළ යුතුය.

පරීක්ෂණ කාලසටහන් සම්බන්ධ දැන්වීම් පිණිස කරුණාකර අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පරීක්ෂා කරන්න.(ජපන් පමණි)
http://www.moj.go.jp/isa/policies/ssw/nyuukokukanri06_00064.html

සාමාන්යයෙන්, ඔබේ සමාගම ඒ පිණිස මුදල් ගෙවනු ලබයි.
යම් ලෙසකට, ඔබගේ වැටුපෙන් අඩු කිරීමක් සිදු වුවහොත් කරුණාකර ළඟම ඇති ආගමන කාර්යාලය අමතන්න.

ඔබ විශේෂිත නිපුණතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය යටතේ සේවය කරනු ලබන්නේනම්, ඔබේ සමාගම විසින් සහාය ලබා දීමට බැඳී සිටී, එබැවින් ඔවුන් එසේ නොකරන්නේනම් කරුණාකර ළඟම ඇති ආගමන කාර්යාලය අමතන්න.