අවශ්‍යකරන ලිපි ලේඛන

විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වයක් සඳහා ඉල්ලුම් කිරීම පිණිස, ඔබට පහත සඳහන් ලිපි ලේඛන අවශ්‍ය වේ.

  • අයදුම් පත්‍රිකාව (ඔබේ සමාගම මෙන්ම ඔබද මෙය පුරවනු ලැබේ.)
  • වෛද්‍ය පරීක්ෂණ වාර්තාව (රෝහලක් වෙතින් ඔබට මෙය ලබා ගතහැකිය.)
  • ඔබගේ විශ්‍රාමික වැටුප, සෞඛ්‍ය රක්ෂණ වාරික සහ බදු ආදියට අදාළ වන්නාවූ ලිපි ලේඛන (ඔබට මේ සියල්ල නගර ශාලාවෙන් හෝ ඔබේ සමාගම මාර්ගයෙන් ලබා ගත හැකිය.)
    • බදු සහතිකය සහ බදු ගෙවුම් පිළබඳ සහතිකය
    • බදු ගෙවීම් හා ආදායම් සටහන් විස්තර ලදු පත
    • ඔබගේ ජාතික සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පතේ පිටපතක්
    • ජාතික සෞඛ්‍ය රක්ෂණ ගෙවීම් සහතිකය
  • අදාළ පරීක්ෂණය (න්) සමත් වී ඇති බව සනාථ වීමට පෙන්වන ලේඛන
  • ද්විපාර්ශ්වික සහයෝගීතා සංදේශයේ නියම කර ඇති ක්‍රියා පටිපාටිවලට අදාළ ලියකියවිලි (2022 මාර්තු වන විට, එවැනි ක්‍රියා පටිපාටි, කාම්බෝජය, තායිලන්තය සහ වියට්නාමයේ පුද්ගලයින් සඳහා අවශ්‍ය වේ.)

සටහන:
මෙයට අමතරව, ඔබේ සමාගමෙන් ලේඛන ගැනීම අවශ්‍ය වේ, ඒ නිසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට පෙරාතුව කරුණාකර ඔබේ සමාගමේ යම් අයකු සමඟ සාකච්ඡා කරන්න.

අයදුම් කිරීම පිණිස අවශ්‍යවන ලේඛන බාගන්න

ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය වන්නාවූ ලියකියවිලි (පෝරමය පුරවන ආකාරය පෙන්වන සාම්පල සහ සමහර ලේඛනවල ජපන් භාෂාවෙන් බාහිර අනුවාද ඇතුළුව) ජපානයේ ආගමන සේවා ඒජන්සිය සතුව ඇති වෙබ් අඩවියෙන් බාගත හැකිය

ආකෘති පත්‍රය පුරවන්නේ කෙසේද වග දැක්වන නියැදිය

ජපන් භාෂාව හැර වෙනත් භාෂාවකින් ඔබට ආගමන ක්‍රියා පටිපාටි සංබන්ධයෙන් ප්‍රශ්න ඇසිය හැකිය.

ආගමන තොරතුරු මධ්‍යස්ථානය

දුර 0570-013904 (VoIP, PHS, ජාත්‍යන්තර ඇමතුම් 03-5796-7112)
සටහන: ජපන්, ඉංග්‍රීසි, චීන, කොරියානු, ස්පාංඤ සහ පෘතුගීසි භාෂා වෙතින් සේවාවන් ලබා ගත හැක.
Email