සමාගම් සහාය ලබා ගැනීම

විශේෂිත නිපුණතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය යටතේ සේවාව කරනු ලබන විදේශිකයන්ට ජපානයේ ජීවත්වීමට මෙන්ම වැඩ කිරීම සඳහා ඔවුන්ගේ සමාගම වෙතින් විවිධ ආකාරයේ ආධාර උපකාර ලබා ගත හැකිය. (අදාල සමාගම මාර්ගයෙන් සහාය ලබා දිය නොහැකි නම්, සමාගමේ ඉල්ලීම පරිදි ලියාපදිංචි සහාය සංවිධානයකට එවැනි ආධාර සැපයිය හැකිය.)
පහත දැක්වෙන ආකාර 10 ක සහාය ඔබේ සමාගම මාර්ගයෙන් ඔබ වෙතට ලබා ගත හැකිය.

1. ඔබ පදිංචිය පිළිබඳ තත්වය ලබා ගැනීමට පෙර ඔබේ සමාගමෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම

ඔබ සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නේ නම්, ඔබගේ පදිංචිය පිළිබඳ තත්ව ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීමට පෙර ඔබේ කොන්ත්රාත්තුව සහ රැකියාව සංබන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා ගත හැකිය.

2. ජපානයට ඔබ පැමිණෙන විටක ඔබ රැගෙන යාම මෙන්ම ඔබ ජපානයෙන් පිටත්ව තම මව් රටට ආපසු යන අවස්ථාවකදී හැරලවීම

ඔබ ජපානයට පැමිණෙන විට, සමාගමෙන් යම් අයකු ගුවන් තොටුපල වෙතට පැමිණ සමාගමට හෝ ඔබේ නිවසට වෙත ඔබව කැඳවා ගෙන යනු ඇත.
මෙයට අමතරව, ඔබ නැවතත් ඔබගේ මව් රටට ආපසු යන අවස්ථාවකදී, ගුවන්තොටුපලේදී ආරක්ෂක පරීක්ෂණය සිදු කරන තෙක් දක්වා සමාගමේ යම් අයකු ඔබ සමඟ පැමිණෙනු ඇත.

3. ඔබ ජීවත් වන නිවස සකස් කිරීමට මෙන්ම විදුලිය හා ගෑස් පිණිස වන ගිවිසුම් අත්සන් කිරීමට ඔබට උපකාර කිරීම

ඔබ ජීවත් වන නිවස පිණිස ඇපකරුවෙකු ලෙස සමාගමේ යම් අයකු සේවය කරනු ලබන අතර, එසේත් නැතිනම් සමාගම අයත් නිවාසයක් ඔබට කුලියට ලබා දෙනු ඇත.
මෙයට අමතරව, බැංකු ගිණුමක් ආරම්භ කිරීමට මෙන්ම ඔබේ ජංගම දුරකථනය, විදුලිය සහ ගෑස් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට සමාගම ඔබට සහාය වනු ඇත.

4. ජපානය තුල ජීවත්වීම සංබන්ධ දිශානති සැසියක් ලබා දීම

සමාගමේ යම් අයකු විසින් ඔබ හට ජපානයේ ජීවත් වීම පිණිස වන නීති සහ ආචාර විධි උගන්වනු ඇත.
මෙයට අමතරව, බස් රථ හා දුම්රිය තුල ගමන් කරනු ලබන්නේ කෙසේද සහ භූමිකම්පාවක් හටගත් විටක කුමක් කල යුතුද යන්න ඔවුන් විසින් ඔබට කියා දෙනු ඇත.

5. විවිධ ක්‍රියා පටිපාටි පිණිස නගර ශාලාවට සහ වෙනත් කාර්යාල වෙතට ඔබ සමඟ පැමිීණීම

ඔබ නගර ශාලා ක්‍රියා පටිපාටි, බදු ක්‍රියා පටිපාටි යනාදිය සිදුකරන අවස්ථාවන්හිදී සමාගමේ යම් අයකු ඔබ සමඟ ඒ සඳහා සහභාගි වනු ඇත.
මෙයට අමතරව, එම ක්‍රියා පටිපාටියට අවශ්‍ය කරනු ලබන ලිපි ලේඛන යනාදිය පිරවීම පිණිස ඔබට සහාය වනු ඇත.

6. ජපන් භාෂා අධ්‍යනය පිණිස ඔබට උපකාර කිරීම

සමාගමේ යම් අයකු ජපන් භාෂාව අධ්‍යනය කිරීමට හැකි පාසලක් සොයා ගැනීමට ඔබට උදව් කරනු ඇත.

7. ඔබේ ගැටළු සහ පැමිණිලි විසඳීම පිණිස හමුවීම් පැවැත්වීම

යම් අයුරක ගැටලුකාරි ‍‍‍තත්වයක් ඇති වූ විටක ඔවුන් විසින් ඔබට ඔබේ භාෂාවෙන්ම උපදෙස් ලබා දෙන අතර ඒවාට ප්‍රතිචාරද සපයනු ඇත.

8. ජපන් ජාතිකයන් සමඟ සන්නිවේදනය පිණිස ඔබට උදව් කිරීම

සමාගමේ යම් අයකු විසින් අසල්වාසි උත්සව වලට සහභාගී වීම සංබන්ධ තොරතුරු ලබාදෙන අතර ඔබට ඔබ ප්‍රදේශයේ ජපන් ජාතිකයින් සමඟ කතා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

9. රැකියා වෙනස් කිරීමට ඔබට උදව් කිරීම (සමාගම ඔබව සේවයෙන් ඉවත් කිරීමට අදහස් කරන්නේ නම්)

ඔවුන් ඔබව සේවයෙන් ඉවත් කිරීමට අදහස් කරන්නේ නම් ඔබේ ඊළඟ රැකියාව සොයා ගැනීමට සමාගම ඔබට උදව් කරනු ඇත.

10. සාකච්ඡා හමුවීම පැවැත්වීම (සෑම මාස තුනකටම එක් වරකට වඩා)

සමාගමේ සහාය සැපයුම් කාර්ය භාර කළමනාකරු වරින් වර ඔබ සමඟ සාකච්ඡා හමුවීමක් පවත්වනු ඇත. ඔබේ රැකියාව සම්බන්ධයෙන් ඔබට ගැටලු ඇත්නම් ඔවුන්ට ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකිය.

සටහන

සමාගම් විසින් මෙම අයුරු 10 ආකාර සහය විදේශීකයන් වෙතට ලබා දිය යුතුය.
නිසි ආකාර සහයක් ඔබේ සමාගම වෙතින් ඔබට ලැබී නැති බව ඔබට හැඟී යන්නේනම්, කරුණාකර ආසන්නම ආගමන කාර්යාලය අමතන්න.