"විශේෂිත නිපුණතා සේවක" පදිංචිය පිළිබඳ තත්වය යනු කුමක්ද?

විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය යටතේ පහත සඳහන් ක්ෂේත්‍ර 12 තුළ වැඩ කිරීමට පුද්ගලයන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දෙයි.

විශේෂිත නිපුණතා සේවක (i) සහ අදාල රැකියා විස්තර මාර්ගයෙන් ආවරණය වන්නාවූ රැකියා ක්ෂේත්‍ර

යන්ත්‍ර කොටස්, මෙවලම්, කාර්මික යන්ත්‍රෝපකරණ, විදුලි, ඉලෙක්ට්‍රොනික, සහ තොරතුරු කර්මාන්ත

  • නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත

    නැව් තැනීමේ රැකියා

  • මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම

    මෝටර් රථ පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් රැකියා

  • ගුවන් සේවා කර්මාන්තය

    ගුවන් යානා වෙත ගමන් මලු ප්‍රවාහනය කිරීම සහ ගුවන් යානා පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් රැකියා

  • හෝටල් කර්මාන්තය

    හෝටල් අමුත්තන් පිළිගැනුම් ස්ථානයන්හි වැඩ ක්‍රියාකාරකම් සහ අමුත්තන් සමඟ කටයුතු කිරීම් රැකියා

  • කෘෂිකර්මාන්තය

    එළවළු වැවීම, එළවළු හා වෙනත් නිෂ්පාදනයන්හි අස්වැන්න නෙළීම සහ ඌරන්, ගවයන්, කුකුළන් සහ වෙනත් සතුන් ඇති කිරීම් කරන රැකියා

  • ධීවර හා ජලජීවී වගාව

    මත්ස්‍ය ඇල්ලීම සහ මත්ස්‍ය ඇති කිරීම් රැකියා

  • ආහාර හා බීම නිෂ්පාදනය

    ආහාර පිළියෙළ කිරීම් රැකියා

  • ආහාර සේවා කර්මාන්තය

    ගනුදෙනුකාර ඉදිකිරීම් වෙනුවෙන් රැඳී සිටීම් සහ අවන්හල් යනාදියේ ආහාර රැගෙන පිළිගැන්වීම

විශේෂිත නිපුණතා සේවක (ii) සහ අදාළ රැකියා විස්තර මගින් ආවරණය වන රැකියා ක්ෂේත්‍ර

  • ගොඩනැගිලි පිරිසිදු කිරීම

    ගොඩනැගිලි ඇතුළත පිරිසිදු කිරීම් කළමනාකරණය කිරීම

  • ඉදිකිරීම් කර්මාන්තය

    නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් කටයුතු කළමනාකරණය කිරීම් රැකියා

  • යන්ත්‍ර කොටස්, මෙවලම්, කාර්මික යන්ත්‍රෝපකරණ, විදුලි, ඉලෙක්ට්‍රොනික, සහ තොරතුරු කර්මාන්ත

    කොටස් නිර්මාණක කළමනාකරණය කිරීම්, යනාදිය.

  • නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත

    නැව් තැනීම් ක්‍රියාවලීන් කළමනාකරණය කිරීම

  • මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම

    මෝටර් රථ පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් කළමනාකරණය කිරීම්

  • ගුවන් සේවා කර්මාන්තය

    ගුවන් යානා වෙත ගමන් මලු ප්‍රවාහනය කිරීම සහ ගුවන් යානා පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් කළමනාකරණය කිරීම්

  • හෝටල් කර්මාන්තය

    හෝටල් අමුත්තන් පිළිගැනුම් ස්ථානයන්හි වැඩ ක්‍රියාකාරකම් සහ අමුත්තන් සමඟ කටයුතු කිරීම් කළමනාකරණය කිරීම්

  • කෘෂිකර්මාන්තය

    එළවළු වැවීම, එළවළු හා වෙනත් නිෂ්පාදනයන්හි අස්වැන්න නෙළීම සහ ඌරන්, ගවයන්, කුකුළන් සහ වෙනත් සතුන් ඇති කිරීම් කරන කළමනාකරණය කිරීම්

  • ධීවර හා ජලජීවී වගාව

    මත්ස්‍ය ඇල්ලීම සහ මත්ස්‍ය ඇති කිරීම් කළමනාකරණය කිරීම්

  • ආහාර හා බීම නිෂ්පාදනය

    ආහාර පිළියෙළ කිරීම් කළමනාකරණය කිරීම්

  • ආහාර සේවා කර්මාන්තය

    ගනුදෙනුකාර සේවාවන් වෙනුවෙන් රැඳී සිටීම් සහ අවන්හල් යනාදියේ ආහාර රැගෙන පිළිගැන්වීම් කළමනාකරණය කිරීම්

සටහන

නිපුණතා සේවාස්ථ පුහුණුව යනු කුසලතා ලබා ගැනීම සඳහා පදිංචිය පිළිබඳ තත්වය වන අතර, නමුත් විශේෂිත නිපුණතා සේවක පදිංචිය යනු වැඩ කිරීම සඳහා වන පදිංචිය පිළිබඳ තත්වය.

සුවිශේෂිත කුසලතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය

  • ඔබට මුලුමනින් වසර පහක් ජපානයේ වැඩ කළ හැකිය.
  • ඔබට ඔබේ පවුල ජපානයට ගෙන ඒමට නොහැකිය.
  • ඔබට ජපන් කම්කරුවන්ට සේම සමාන වැටුපක් ලැබේ.
  • ඔබට ජපන් භාෂාව පිළිබඳ පුහුණුව ලැබේ.
  • ඔබට විවිධ ආකාර වූ සහයෝග ඔබේ සමාගම වෙතින් ලබා ගත හැක.

සුවිශේෂිත කුසලතා සේවක (ii) පදිංචිය පිළිබඳ තත්වය

  • ඔබට ජපානයේ කොපමණ කාලයක් රැඳී සිටිය හැකිද යන්න පිළිබඳ ඉහළ සීමාවක් නොමැත.
  • ඔබේ පවුල ඔබට ජපානයට ගෙන යා හැකිය.