අනෙකුත් සහභාගි වන්නන්ගේ අදහස්

සුවිශේෂිත කුසලතා සේවක පදිංචිය පිළිබඳ තත්වය යටතේ සැබවින්ම සේවය කරනු ලැබූ වෙනත් පුද්ගලයින්ගේ අදහස් කියවන්න.

හෙද සාත්තු සේවා

  • මගේ ආශාව වූ හෙද සත්කාර සේවකයකු ලෙසට ජපානයේ වැඩ කිරීම, වසර හතරක EPA සත්කාරක සේවක අපේක්ෂකු ලෙස වැඩ කිරීම් කාලය තුලදී වඩාත් තීර්ව වීය. එනමුදු, හෙද සත්කාර සේවක ජාතික විභාගය ලකුණු හතකින් පමණක් අසමත් වූ නිසා මම නැවත උත්සාහ කිරීමට තීරනය කළෙමි.
  • මට හෙද සත්කාර සේවක ජාතික විභාගය ඉක්මණින් සමත්ව ඉන්දුනීසියාවේ ගුරුවරයෙකු වී ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍ර සේවක වීමට අදහස් කරන පුද්ගලයන්ට හෙද සත්කාර සේවයේ ප්‍රතිලාභ ඉගැන් වීමට අවශ්‍යයි.

ගොඩනැගිලි පිරිසිදු කිරීම

  • ජපානයට පැමිණීමට පෙර කනස්සල්ලට පත්ව සිටියෙමි, ඉක්මනින් මගේ සමාගමේ සහාය ඇතිව මෙහි වාසය කිරීමට පුරුදුව සිටියෙමි. ජපන් පිරිසිදු කිරීමේ තාක්ෂණය, භාෂාව, සංස්කෘතිය, ඉගෙනීමට හැකිවීම ගැන සතුටු අතර, එබැවින් සමාගමේ වැඩ කිරීමට හැකි විය. අනාගතයේදී, ජපන් ජාතිකයින්ට සම්බන්ධ රැකියාවක් කිරීමට, ජපානයට යාමට උවමනා වියට්නාම් පුද්ගලයන්ට උදව් කිරීම අවශ්‍යයි.

ඉදිකිරීම් කර්මාන්තය

  • ප්‍රථම වරට මා ජපානයට නිපුණතා සේවාස්ථ අභ්‍යාසලාභියකු ලෙස පැමිණි අවස්ථාවේ, ජපානයේ වැඩ කිරීමට හා ජීවත් වීම ඉගෙන ගැනීමට මට අපහසු කාලයක් විය.
  • නැවත ජපානයට පැමිණි දා සිට, මම ජපන් සංස්කෘතියට මෙන්ම ද්‍රව්‍යන් කරන අකාරය හුරු පුරුදු වී මගේ ජීවන රටාව වඩාත් සැහැල්ලුවී ඇත.

කාර්මික නිෂ්පාද කර්මාන්තය

  • මට මුලදී ජපානයට පැමිණි විට විවිධ දුෂ්කරතා තිබුණත්, මා වැඩ කිරීමට පටන් ගත්තාට පසු, වඩාත් ශක්තිමත්ව මගේ පවුලට උදව් කරන බවට මට විශ්වාශය ඇතිවිය. දැන් මගේ රැකියාවට මම හුරු පුරුදු වී සිටිමි, මගේ මීළඟ ඉලක්කය වන්නේ මනා නිෂ්පාදන වඩාත් ඉක්මණින් නිපදවීමයි.
  • මම ජපානයට පැමිණීමට පෙර පිරීගිය සිත් කනස්සල්ලෙන් සිටියෙම්, නමුත් ජේෂඨ සේවකයින් සහ මගේ ප්‍රධානියා මට හොඳින් පුහුණුව ලබා දුන් අතර ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳ මම දැන් සතුටු වෙමි.

නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත

  • නිපුණතා සේවාස්ථ අභ්‍යාසලාභියකු සේ, නාවුක යාත්‍රා නිෂ්පාදන සේවක ලෙස සහ වර්ථමානයේ විශේෂිත නිපුණතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය යටතේ සේවය කිරීමට අවස්ථාව ලැබීම මට වාසනාවකි.
  • මා සේවය කරන සමාගමෙහි, පුහුණුවන්නෙකු හා සේවක ලෙස අත්දැකීම් තිබෙන අතර, මාගේ වැඩ පහසු වන අතර මාගේ වෑල්ඩින් වැඩ හා සමාගමටද හුරු පුරුදු වී සිටිමි.
  • මා කණ්ඩායම් සංවිධායකයෙකු ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මෙන්ම, වැඩ කරන ස්ථානයේ අභ්‍යාසලාභින්ට සහ සේවකයින්ට මෙම කාර්යය ඉගෙන්වීමට කැමැත්තෙමි.
  • සමාගමට ආසන්නවම නේවාසිකාගාරය පිහිටීම මෙන්ම සුපිරි වෙළඳසැලක් තිබීම පහසුය.

ගුවන් සේවා කර්මාන්තය

  • මම ගුවන් සේවා ක්ෂේත්‍රය සඳහා වූ විශේෂිත නිපුණතා සේවක සුදුසුකම් විභාගය සමත් වූ අතර රැකියාවක් සොයා ගැනීමට හැකි විය. මම ගුවන් සේවා කර්මාන්තය ගැන නිතරම උනන්දු වූ නිසා, මෙම සමාගමට සම්බන්ධ වීමට හැකිවීම ගැන මම සතුටු වෙමි. මා රාජකාරිය ආරම්භ කිරීමට පෙර සහ පසුව මට ලබා දුන් සහයෝගය උත්කෘෂ්ඨ වන අතරම ඒ ආකාරයෙන්ම මම නොහැකි තරම් කෘතඥතාවයක්ද ඇත.
  • මම මගේ රැකියාවෙන් ප්‍රීතියක් ලබන අතර, මට කිසිදු ගැටළුවක් ඇති වී නොමැත. මට නොතේරෙන යමක් ඇති විටක, මා එය අසන අතර, එමගින් ඒ ගැටළුව විසඳෙනවා. හොඳ වැටුපක් ලැබෙන නිසා රැකියාව තෘප්තිමත්.

හෝටල් කර්මාන්තය

  • මම මූලින වශයෙන් අවන්හල් සේවා කාර්යයන් සහ ඒ හා සමාන රාජකාරි ඉටු කරමි. උසස්වීම් සඳහා අවස්ථා ඇති නිසා, රැකියාවෙන් තෘප්තිමත් බවක් ලැබෙනවා. මා නිතරම පාරිභෝගිකයන වෙතින් ඇසීමට ලක්වන අතර, තවද මගේ නම සඳහන් වන සමීක්ෂණවලදී ප්‍රතිපෝෂණ ලැබෙන අතරම, එය මාගේ රැකියා අභිප්‍රේරණය වැඩි කරනු ලබයි.

මෝටර් රථ ප්‍රවාහන ව්‍යාපාර කර්මාන්තය

  • සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සුවපහසුවෙන් රාජකාරි කළ හැකි සහ ඔවුන්ගේ රැකියාවේ ප්‍රිතිමත් භාවය භුක්ති විඳිය හැකි සේවා ස්ථානයක් නිර්මාණය කිරීම වැදගත් වේ. අප පාරිභෝගිකයන් තෘප්තිමත් කරන සේවාවන් සැපයීමටද අපට අවශ්‍ය බැවින්, මෙම රාජකාරිය වෙසෙසින්ම අර්ථවත් ය. මගේම රටේ පාරිභෝගික සේවාව පිණිස ජපන් ප්‍රවේශය යෙදීමට මම කැමත්තෙමි.

දුම්රිය

  • මම රාජකාරිය කරන අතරතුර පාරිභෝගිකයන් සිතන්නේ කුමක්දැයි සිතා ගැනීම අපහසු වුවද, නමුත් එය ප්‍රතිලාභි මෙන්ම විනෝදජනක බවක් මට පෙනෙනවා. සියළුම දේ ප්‍රකාශ කරනවා වෙනුවට, මම කැමතිවන්නේ නිරීක්ෂණය මාර්ගයෙන් සහ මගේ උපරිමය ඉෂ්ඨ කිරීම දැනගැනීමේ අරමුණින්, මට තේරුම් ගැනීමට අපහසු දෙයක් හට ගත් විටක අසල සිටින වඩාත් පළපුරුදු සේවකයින්ගෙන් අසා දැන ගැනීම වේ.