අනෙකුත් සහභාගි වන්නන්ගේ අදහස්

සුවිශේෂිත කුසලතා සේවක පදිංචිය පිළිබඳ තත්වය යටතේ සැබවින්ම සේවය කරනු ලැබූ වෙනත් පුද්ගලයින්ගේ අදහස් කියවන්න.

සාත්තු සේවා ක්ෂේත්‍රය

  • මගේ ආශාව වූ හෙද සත්කාර සේවකයකු ලෙසට ජපානයේ වැඩ කිරීම, වසර හතරක EPA සත්කාරක සේවක අපේක්ෂකු ලෙස වැඩ කිරීම් කාලය තුලදී වඩාත් තීර්ව වීය. එනමුදු, හෙද සත්කාර සේවක ජාතික විභාගය ලකුණු හතකින් පමණක් අසමත් වූ නිසා මම නැවත උත්සාහ කිරීමට තීරනය කළෙමි.
  • මට හෙද සත්කාර සේවක ජාතික විභාගය ඉක්මණින් සමත්ව ඉන්දුනීසියාවේ ගුරුවරයෙකු වී ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍ර සේවක වීමට අදහස් කරන පුද්ගලයන්ට හෙද සත්කාර සේවයේ ප්‍රතිලාභ ඉගැන් වීමට අවශ්‍යයි.

යන්ත්‍ර කොටස් සහ මෙවලම්/කාර්මික යන්ත්‍රෝපකරණ/විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත ක්ෂේත්‍රය (පෙර යන්ත්‍ර කොටස් සහ මෙවලම් ක්ෂේත්‍රය)

  • ජපන් ජනතාව කාරුණාවන්ත වන අතර සමාගම් වැඩසටහන් රාශියක්ද ඇත, එබැවින් මගේ වැඩ කාර්ය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය යන දෙකම සංපූර්ණ වේ.
  • මම ජපානයට පැමිණීමට පෙර පිරීගිය සිත් කනස්සල්ලෙන් සිටියෙම්, නමුත් ජේෂඨ සේවකයින් සහ මගේ ප්‍රධානියා මට හොඳින් පුහුණුව ලබා දුන් අතර ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳ මම දැන් සතුටු වෙමි.

යන්ත්‍ර කොටස් සහ මෙවලම්/කාර්මික යන්ත්‍රෝපකරණ/විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත ක්ෂේත්‍රය (පෙර කාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය)

  • මට මුලදී ජපානයට පැමිණි විට විවිධ දුෂ්කරතා තිබුණත්, මා වැඩ කිරීමට පටන් ගත්තාට පසු, වඩාත් ශක්තිමත්ව මගේ පවුලට උදව් කරන බවට මට විශ්වාශය ඇතිවිය. දැන් මගේ රැකියාවට මම හුරු පුරුදු වී සිටිමි, මගේ මීළඟ ඉලක්කය වන්නේ මනා නිෂ්පාදන වඩාත් ඉක්මණින් නිපදවීමයි.
  • ජපන් චින්තනය, ආචාර විධි, සේවාවන් සහ වෙනත් දේ ප්ළිබඳ මා ඉගෙන ගත් දේවල් මා සමඟ වියට්නාමයට ගෙන යාමට මට අවශ්‍යය. ජපානයට පැමිණි දා සිට මා සිතුවාටත් වඩා මගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට මට හැකි වී යැයි මට හැඟේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය (ඉංග්‍රීසි පමණි)

  • ප්‍රථම වරට මා ජපානයට නිපුණතා සේවාස්ථ අභ්‍යාසලාභියකු ලෙස පැමිණි අවස්ථාවේ, ජපානයේ වැඩ කිරීමට හා ජීවත් වීම ඉගෙන ගැනීමට මට අපහසු කාලයක් විය.
  • නැවත ජපානයට පැමිණි දා සිට, මම ජපන් සංස්කෘතියට මෙන්ම ද්‍රව්‍යන් කරන අකාරය හුරු පුරුදු වී මගේ ජීවන රටාව වඩාත් සැහැල්ලුවී ඇත.

නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය (ඉංග්‍රීසි පමණි)

  • නිපුණතා සේවාස්ථ අභ්‍යාසලාභියකු සේ, නාවුක යාත්‍රා නිෂ්පාදන සේවක ලෙස සහ වර්ථමානයේ විශේෂිත නිපුණතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය යටතේ සේවය කිරීමට අවස්ථාව ලැබීම මට වාසනාවකි.
  • මා සේවය කරන සමාගමෙහි, පුහුණුවන්නෙකු හා සේවක ලෙස අත්දැකීම් තිබෙන අතර, මාගේ වැඩ පහසු වන අතර මාගේ වෑල්ඩින් වැඩ හා සමාගමටද හුරු පුරුදු වී සිටිමි.
  • මා කණ්ඩායම් සංවිධායකයෙකු ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මෙන්ම, වැඩ කරන ස්ථානයේ අභ්‍යාසලාභින්ට සහ සේවකයින්ට මෙම කාර්යය ඉගෙන්වීමට කැමැත්තෙමි.
  • සමාගමට ආසන්නවම නේවාසිකාගාරය පිහිටීම මෙන්ම සුපිරි වෙළඳසැලක් තිබීම පහසුය.

ගොඩනැගිලි පිරිසිදු කිරීම් කළමනාකරණ ක්ෂේත්‍රය

  • මම ජපානයට පැමිණීමට පෙර සිත් තැවුලට පත්ව සිටියෙමි, නමුත් මගේ සමාගමේ සහාය මත විගස ජපානයේ ජීවත් වීමට හුරු පුරුදු වූවෙමි.
  • ජපන් ගොඩනැගිලි පිරිසිදු කිරීමේ තාක්ෂණ ක්‍රම, ජපන් භාෂාව සහ ජපන් සංස්කෘතිය ගැන ඉගෙන ගැනීමට මට හැකි විය. මම මෙම සමාගමේ වැඩ කිරීම පිළිබඳ සතුටු වෙමි!
  • අනාගතයේදී, ජපන් රටට යාමට හෝ ජපන් භාෂාවට සම්බන්ධ වෘතියක් කිරීමට කැමති වියට්නාමයේ වෙනත් අයවලුනට උදව් කිරීමට මට අවශ්‍යය.