තම කුසලතා වර්ධනය කර නව කාර්යන් ආරම්භ කරන්න!
විශේෂිත නිපුණතා සේවක දිශානති සැසි
තමා ජපානයේ සේවය කිරීමට කැමැත්තක් දක්වන්නේද? තමා ජපානය තුළ හෝ ඉන් බැහැර පදිංචි විදේශීකයා නම්, විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය විදේශිකයින්ට ජපානයේ සේවය කිරීමට ඉඩ සලසන දිශානති සැසියකට සහභාගී විය හැකිය.
  • අවශ්‍ය අයදුම් පත්‍රිකාව
  • මාර්ගගතව පවත්වන ලදී (Zoom)
  • 2025
    ඔක්තෝබර්29වනබදාදා
    පළමු රැකියා වෙළඳ පොළ:
    ප.ව. 4:00 – 4:45
    ජපන්ඉංග්රීසිඉන්දුනීසියානු
    දෙවන රැකියා වෙළඳ පොළ:
    ප.ව. 5:00 – 5:45
    ජපන්තායිවියට්නාම්
    අයදුම් පත්‍රිකා භාරගන්නා අවසන් දිනය:
    2025 ඔක්තෝබර් 22 වන බදාදා
  • 2026
    ජනවාරි31වනසෙනසුරාදා
    තුන්වන රැකියා වෙළඳ පොළ:
    ප.ව. 4:00 – 4:45
    ජපන්ඉංග්රීසිඉන්දුනීසියානු
    හතර රැකියා වෙළඳ පොළ:
    ප.ව. 5:00 – 5:45
    ජපන්තායිවියට්නාම්
    අයදුම් පත්‍රිකා භාරගන්නා අවසන් දිනය:
    2026 ජනවාරි 24 වන සෙනසුරාදා

අයදුම් පත්‍රිකාව

තමා දිශානති සැසියකට සහභාගී වීමට කැමත්තක් දක්වන්නේනම්, අයදුම් කිරීමට මෙම වෙබ් පෝරමය භාවිතා කරන්න.

දිශානති සැසි අයදුම් පත්‍රිකාව

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යනු කුමක්ද?

විදේශිකයන්ට ජපානයේ වැඩ කිරීමට වැඩි අවස්ථාවන් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද පදිංචිය පිළිබඳ තත්වය විශේෂිත නිපුණතා සේවක ලෙස වේ. විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය වර්ග (i) සහ වර්ග වර්ග (ii) ලෙස දෙකකින් සමන්විත වේ. වර්ග (ii) පදිංචිය පිළිබඳ තත්වය සඳහා වර්ග (i) ට වඩා විශේෂිත කුසලතා අවශ්‍ය වේ. වර්තමානයේ, විශේෂිත නිපුණතා සේවක (i) යටතේ ක්ෂේත්‍රයන් 16 ක වැඩ කිරීමට පුද්ගලයන්ට ඉඩ සලසන අතර, විශේෂිත නිපුණතා සේවක (ii) යටතේ ක්ෂේත්‍ර 11 ක වැඩ කිරීමට පුද්ගලයන්ට අවස්ථාව ලබා දී ඇත. මෙම ක්ෂේත්‍ර පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, පහත "විශේෂිත නිපුණතා සේවක වැඩසටහන මගින් ආවරණය වන රැකියා ක්ෂේත්‍ර" බලන්න.

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පැහැදිලි කරන වීඩියෝව

විශේෂිත නිපුණතා සේවක සහ අදාල රැකියා විස්තර මාර්ගයෙන් ආවරණය වන්නාවූ රැකියා ක්ෂේත්‍ර

විශේෂිත නිපුණතා සේවක පදිංචිය පදිංචිය පිළිබඳ තත්වය ලබා ගැනීම සඳහා අවශ්‍යතා

විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය යටතේ වැඩ කිරීමට නම්, තමාට ජපන් භාෂාව පරීක්ෂණයකින් සහ කුසලතා ප්‍රවීණතා පරීක්ෂණයකින් සමත්වීමක් තිබිය යුතුය. තමා නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇත්නම් මෙම පරීක්ෂණ සමත් වීමට අවශ්‍ය නොවේ. වෙනත් ක්ෂේත්‍රයක වැඩ කිරීමට, ඔබ වැඩ කිරීමට කැමති ක්ෂේත්‍රයේ කුසලතා ප්‍රවීණතා පරීක්ෂණයකින් සමත් විය යුතුය.) ඉන් පසුව, තමා සමාගමක් සමඟ ගිවිසුම් ගතවීමක් කළහොත්, තමාට විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය සඳහා ඉල්ලුම් කළ හැකිය. ඔබේ අයදුම්පත අනුමත වුවහොත්, ඔබට විශේෂිත නිපුණතා සේවක ලෙස වැඩ කිරීමට හැකියාව ඇත.

නිරන්තර අසනු ලබන ප්‍රශ්න

Q1 විශේෂිත නිපුණතා සේවක ලෙස වැඩ කිරීමට මට තවමත් සුදුසුකම් නොමැත. මට දිශානති සැසියට සහභාගී විය හැකිද?
ඔව්, විශේෂිත නිපුණතා සේවක ලෙස සේවය කිරීමට කැමති ඕනෑම විදේශීකයාට සහභාගී විය හැකිය.
Q2 මා ජපානයෙන් බැහැර වෙනත් රටක ජීවත් වෙනවා. මට දිශානති සැසියට සහභාගී විය හැකිද?
ඔව්, තමා ජීවත් වන ස්ථානය කුමක් වුවත් එය නොසලකා, තමාට අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ Zoom තාක්ෂණය භාවිතා කළ හැකි තාක්, සහභාගී වීමට හැකියාව ඇත.
Q3 මා රැකියා නියෝජිතායතනයක හෝ ලියාපදිංචි සහාය සංවිධානයක සේවය කරමි. මට දිශානති සැසියට සහභාගී වීමට හැකියාව තිබේද?
මෙම දිශානති සැසිය, විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳව උනන්දුවක් දක්වන ජපන් නොවන විදේශීකයන් ඉලක්ක කරගත් අවස්ථාවකි. ඒ නිසා, රැකියා නියෝජිතායතනවල සහ ලියාපදිංචි සහාය සංවිධානවල සේවකයින්ට සහභාගීවීමේ අයදුම් කළ නොහැක. විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳ තොරතුරු ජපානයේ ආගමන සේවා ඒජන්සිය වෙබ් අඩවියේ (https://www.moj.go.jp/isa/applications/ssw/index.html) පල කර ඇත. වැඩි විස්තර දැන ගැනීම සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ අනුව රැකියා නියෝජිතායතනවල සහ ලියාපදිංචි සහාය සංවිධානවල සේවය කරන සේවකයින්ට විදේශීකයන් සමගින් දිශානති සැසි වලට සහභාගී වීමට කිසිදු විරෝධයක් නොමැත.
Q4 මා සත්කාරක සංවිධානයක සේවය කරනවා. මට දිශානති සැසියට සහභාගී විය හැකිද?
මෙම දිශානති සැසිය, විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳව උනන්දුවක් දක්වන ජපන් නොවන පුද්ගලයින් ඉලක්ක කරගත් අවස්ථාවකි. ඒ නිසා, සත්කාරක සංවිධානයක සේවය කරන සේවකයින්ට සහභාගීවීමේ අයදුම් කළ නොහැක. විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳ තොරතුරු ජපාන ආගමන සේවා ඒජන්සියේ වෙබ් අඩවියේ (https://www.moj.go.jp/isa/applications/ssw/index.html) පල කර ඇත. වැඩි විස්තර දැන ගැනීම සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න.
Q5 විශේෂිත නිපුණතා සේවක වැඩසටහනට මෙම දිශානති සැසිය හැරුණු විට වෙනත් අදාළ සිදුවීම් තිබෙනවාද?
පළාත් පාලන ආයතන හා විශේෂිත කර්මාන්ත පිළිබඳව වගකීම දරන ජපාන රජයේ වෙනත් අමාත්‍යංශ විසින් පවත්වනු ලබන අවස්ථාවන් තිබේ. අවස්ථාවන්හි තොරතුරු විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳ උපකාරක වෙබ් අඩවියේ (https://www.ssw.go.jp/si/eventfields/) පළ කර ඇත. වැඩි විස්තර දැන ගැනීම සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න.
  • සම්පද්ධිය පිළිබඳ දිශානති සැසි සඳහා වන සම්බන්ධතා තොරතුරු
    Rhino Connect Inc.
    ලිපිනය:
    BUREX Kojimachi B1F, 3-5-2 Kojimachi, Chiyoda-ku, Tokyo 102-0083
    විද්‍යුත් තැපෑල:
    tokuteiginou@plan-sms.co.jp
    කාර්යාල වේලාවන් පෙ. ව 10:00 - ප.ව 5:00.

සාත්තු සේවක

ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට උපකාර කිරීම් සපයන රැකියාවන්

ගොඩනැගිලි පිරිසිදු කිරීම

ගොඩනැගිලි ඇතුළත පිරිසිදු කිරීම් රැකියා

ඉදිකිරීම් කර්මාන්තය

නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් කරන රැකියා

කාර්මික නිෂ්පාද කර්මාන්තය

කොටස් නිර්මාණක රැකියා, යනාදිය.

නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත

නැව් තැනීමේ රැකියා

මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම

මෝටර් රථ පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් රැකියා

ගුවන් සේවා කර්මාන්තය

ගුවන් යානා වෙත ගමන් මලු ප්‍රවාහනය කිරීම සහ ගුවන් යානා පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් රැකියා

නවාතැන් කර්මාන්තය

හෝටල් අමුත්තන් පිළිගැනුම් ස්ථානයන්හි වැඩ ක්‍රියාකාරකම් සහ අමුත්තන් සමඟ කටයුතු කිරීම් රැකියා

මෝටර් රථ ප්‍රවාහන ව්‍යාපාරය

මෙම රැකියා ක්ෂේත්‍රයට භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රක් රථ සහ කුලී රථ පැදවීම ඇතුළත් වේ.

මාර්ග

මෙම රැකියා ක්ෂේත්‍රයට දුම්රිය නඩත්තු කිරීම සහ දුම්රිය ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.

කෘෂිකර්මාන්තය

එළවළු වැවීම, එළවළු හා වෙනත් නිෂ්පාදනයන්හි අස්වැන්න නෙළීම සහ ඌරන්, ගවයන්, කුකුළන් සහ වෙනත් සතුන් ඇති කිරීම් කරන රැකියා

ධීවර හා ජලජීවී වගාව

මත්ස්‍ය ඇල්ලීම සහ මත්ස්‍ය ඇති කිරීම් රැකියා

ආහාර හා බීම නිෂ්පාදනය

ආහාර පිළියෙළ කිරීම් රැකියා

ආහාර සේවා කර්මාන්තය

ගනුදෙනුකාර සේවාවන් වෙනුවෙන් රැඳී සිටීම් සහ අවන්හල් යනාදියේ ආහාර රැගෙන පිළිගැන්වීම

වන කර්මාන්තය

මෙම රැකියා ක්ෂේත්‍රයට වන රෝපන හා වන කළමනා කරණය කිරීම ඇතුළත් වේ.

දැව කර්මාන්තය

මෙම රැකියා ක්ෂේත්‍රයට දැව සැකසුම් ඇතුළත් වේ.

next
previous

ගොඩනැගිලි පිරිසිදු කිරීම

ගොඩනැගිලි ඇතුළත පිරිසිදු කිරීම් කළමනාකරණය කිරීම

ඉදිකිරීම් කර්මාන්තය

නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් කටයුතු කළමනාකරණය කිරීම් රැකියා

කාර්මික නිෂ්පාද කර්මාන්තය

කොටස් නිර්මාණක කළමනාකරණය කිරීම්, යනාදිය.

නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත

නැව් තැනීම් ක්‍රියාවලීන් කළමනාකරණය කිරීම

මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම

මෝටර් රථ පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් කළමනාකරණය කිරීම්

ගුවන් සේවා කර්මාන්තය

ගුවන් යානා වෙත ගමන් මලු ප්‍රවාහනය කිරීම සහ ගුවන් යානා පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම් කළමනාකරණය කිරීම්

නවාතැන් කර්මාන්තය

හෝටල් අමුත්තන් පිළිගැනුම් ස්ථානයන්හි වැඩ ක්‍රියාකාරකම් සහ අමුත්තන් සමඟ කටයුතු කිරීම් කළමනාකරණය කිරීම්

කෘෂිකර්මාන්තය

එළවළු වැවීම, එළවළු හා වෙනත් නිෂ්පාදනයන්හි අස්වැන්න නෙළීම සහ ඌරන්, ගවයන්, කුකුළන් සහ වෙනත් සතුන් ඇති කිරීම් කරන කළමනාකරණය කිරීම්

ධීවර හා ජලජීවී වගාව

මත්ස්‍ය ඇල්ලීම සහ මත්ස්‍ය ඇති කිරීම් කළමනාකරණය කිරීම්

ආහාර හා බීම නිෂ්පාදනය

ආහාර පිළියෙළ කිරීම් කළමනාකරණය කිරීම්

ආහාර සේවා කර්මාන්තය

ගනුදෙනුකාර සේවාවන් වෙනුවෙන් රැඳී සිටීම් සහ අවන්හල් යනාදියේ ආහාර රැගෙන පිළිගැන්වීම් කළමනාකරණය කිරීම්

next
previous