විශේෂිත නිපුණතා සේවක (i)
නවාතැන් ක්ෂේත්‍රය

හෝටල් අමුත්තන් පිළිගැනුම් ස්ථානයන්හි වැඩ ක්‍රියාකාරකම් සහ අමුත්තන් සමඟ කටයුතු කිරීම් රැකියා

රැකියා අන්තර්ගතය

නවාතැන් පහසුකම් ස්ථානයන්හි පිළිගැනීමේ පීඨ රැකියා, සැලසුම්කරණය හා අලවි කරණය, මහජන සම්බන්ධතා, ආපන ශාලාවන්හි පාරිභෝගික සේවා ආශ්‍රිත ව්‍යාපාර.

අපේක්ෂිත බඳවා ගන්නන්ගේ සංඛ්‍යාව

23,000
(2024 අප්‍රේල් සිට 2029 මාර්තු දක්වා වන වසර පහක කාලය තුළ උපරිම බඳවා ගැනීමේ පුද්ගල සංඛ්‍යාව)

මානව සම්පත් ප්‍රමිතීන්

ප්‍රවීණතා මට්ටම

නවාතැන් ක්ෂේත්‍රය යෙහි විශේෂිත නිපුණතා සේවක (i) ඇගයීම් පරීක්ෂණය

සටහන:
• මෙම ක්ෂේත්‍රය සඳහා වන නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇත්නම්, මෙම පරීක්ෂණය සමත් වීමට අවශ්‍ය නොවේ. සුදුසුකම් සපුරන්නේ කුමන වෘත්තීන්ද යන්න තහවුරු කිරීම පිණිස, “සුවිශේෂි ක්ෂේත්‍රයන්හි විශේෂිත නිපුණතා සේවක ලෙස විදේශීකයන් පිළිගැනීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ” බලන්න.

ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය

මූලික ජපන් භාෂා නිපුණත්ව ජපන් පදනම් පරීක්ෂණය හෝ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (N4 හෝ ඊට වැඩි)

සටහන:
• ඕනෑම කර්මාන්තයක් සඳහා වන නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇත්නම්, ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත් වීමේ අවශ්‍යතාවයක් නොමැත.

සිද්ධි අධ්‍යයනය