විශේෂිත නිපුණතා සේවක (i)
හෙද සාත්තු සේවා ක්ෂේත්‍රය

හෙද සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වර්ගයට වැඩිහිටි පුද්ගලයින්, ආබාධ සහිත පුද්ගලයින් සහ දෛනික ජීවිතයේ දුෂ්කරතා ඇති වෙනත් අයට ස්වාධීන ජීවිත ගත කිරීමට හැකි වන පරිදි සහාය ලබා දීම ඇතුළත් වේ.

රැකියා අන්තර්ගතය

ශාරීරික සත්කාර ක්‍රියාකාරකම් (දෛනිකව ජීවිත ගත කිරීමේ දුෂ්කරතා ඇති පුද්ගලයින්ට ආහාර ගැනීම, ස්නානය කිරීම, වැසිකිළි යාම ආදිය සම්බන්ධ උපකාර ලබා දීම) මෙන්ම අදාළ ආධාරක ක්‍රියාකාරකම් (විනෝදාත්මක ක්‍රියාකාරකම්, සිදු කිරීමේ පුහුණු සහාය ආදිය)

අපේක්ෂිත බඳවා ගන්නන්ගේ සංඛ්‍යාව

135,000
(2024 අප්‍රේල් සිට 2029 මාර්තු දක්වා වන වසර පහක කාලය තුළ උපරිම බඳවා ගැනීමේ පුද්ගල සංඛ්‍යාව)

මානව සම්පත් ප්‍රමිතීන්

ප්‍රවීණතා මට්ටම

හෙද සාත්තු සේවා කුසලතා ඇගයුම් පරීක්ෂණය

සටහන:
• මෙම ක්ෂේත්‍රය සඳහා වන නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇත්නම්, මෙම පරීක්ෂණය සමත් වීමට අවශ්‍ය නොවේ. සුදුසුකම් සපුරන්නේ කුමන වෘත්තීන්ද යන්න තහවුරු කිරීම පිණිස, “සුවිශේෂි ක්ෂේත්‍රයන්හි විශේෂිත නිපුණතා සේවක ලෙස විදේශීකයන් පිළිගැනීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ” බලන්න.

ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය

මූලික ජපන් භාෂා නිපුණත්ව ජපන් පදනම් පරීක්ෂණය හෝ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණ (N4 හෝ ඊට වැඩි) අයදුම්කරුවන් විසින් සාත්තු සේවා සඳහා වන ජපන් භාෂා ඇගයීම් පරීක්ෂණයද, (එයට අමතරව, මූලික ජපන් භාෂා නිපුණත්ව ජපන් පදනම් පරීක්ෂණය හෝ N4 ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය) සමත් විය යුතුය.

සටහන:
• ඕනෑම කර්මාන්තයක් සඳහා වන නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇත්නම්, ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත් වීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ කෙසේ වුවද හෙද සාත්තු සේවා හැර වෙනත් ක්ෂේත්‍රයක් සඳහා නිපුණතා සේවාස්ථ පුහුණුව සම්පූර්ණ කර ඇති නම්, ඔබ හෙද සාත්තු සේවා ජපන් භාෂා ඇගයීම් පරීක්ෂණය සමත් විය යුතුය.

සිද්ධි අධ්‍යයනය

කනගාවා ප්‍රාන්තයේ ගාස්තු මත පදනම් වූ හෙද සාත්තු සේවා මධ්‍යස්ථානයක සේවය කරන ඉන්දුනීසියානු ජාතික පිරිමි අයෙකු සම්බන්ධයෙන් වන සේවා නියුක්ති පහසුකම් ස්ථානය මගින් කරන ඇගයීම

ඔහු අගතියෙන් හා ස්වකීය ආත්මීය දෘෂ්ටිකෝණ වලින් තොර නිසා,  හෙද සාත්තු සේවා සේවයට අවශ්‍ය සරල හා විෂ්‍යාන්විත දෘෂ්ටිකෝණයෙන් ඔහුට දේවල් දැකගත හැකිය. ඔහුගේ ජපන් වෘතීය සගයන් ඔහුගේ සේවා කැපවීම දැක පැහැදුනු අතර, එය සහජීවනයට බලපෑමක් ඇති කරනු ලබයි.