විශේෂිත නිපුණතා සේවක (i)
ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය

මත්ස්‍ය ඇල්ලීම සහ මත්ස්‍ය ඇති කිරීම් රැකියා

රැකියා අන්තර්ගතය

  • ධිවර කටයුතු
    ධීවර ආම්පන්න නිෂ්පාදනය සහ අලුත්වැඩියා කිරීම, ජලජ ශාක හා ජලජ සතුන් සෙවීම, ධීවර උපකරණ සහ ධීවර යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම ජලජ ශාක හාජලජ සතුන් අල්ලා ගැනීම මසුන් ඇල්ලීම සැකසීම සහ ගබඩා කිරීම සහ ආරක්ෂාව සහ සනීපාරක්ෂාව සහතික කිරීම
  • ජල ජීවී වගා කටයුතු
    ජලජීවී වගා සැපයුම් නිෂ්පාදනය, අලුත්වැඩියා කිරීම සහ කළමනාකරණය කිරීම; ජලජීවී වගා සතුන් සහ ශාක වගා කිරීම සහ කළමනාකරණය කිරීම; ජලජීවී වගා සතුන් සහ ශාක අල්ලා ගැනීම (අස්වැන්න නෙලීම) සහ සැකසීම; සහ ආරක්ෂාව සහ සනීපාරක්ෂාව සහතික කිරීම

අපේක්ෂිත බඳවා ගන්නන්ගේ සංඛ්‍යාව

17,000
(2024 අප්‍රේල් සිට 2029 මාර්තු දක්වා වන වසර පහක කාලය තුළ උපරිම බඳවා ගැනීමේ පුද්ගල සංඛ්‍යාව)

මානව සම්පත් ප්‍රමිතීන්

ප්‍රවීණතා මට්ටම

ධීවර කර්මාන්ත කුසලතා ප්‍රවීණතා පරීක්ෂණය (ධීවර) 1 මට්ටම

සටහන:
• මෙම ක්ෂේත්‍රය සඳහා වන නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇත්නම්, මෙම පරීක්ෂණය සමත් වීමට අවශ්‍ය නොවේ. සුදුසුකම් සපුරන්නේ කුමන වෘත්තීන්ද යන්න තහවුරු කිරීම පිණිස, “සුවිශේෂි ක්ෂේත්‍රයන්හි විශේෂිත නිපුණතා සේවක ලෙස විදේශීකයන් පිළිගැනීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ” බලන්න.

ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය

මූලික ජපන් භාෂා නිපුණත්ව ජපන් පදනම් පරීක්ෂණය හෝ ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (N4 හෝ ඊට වැඩි)

සටහන:
• ඕනෑම කර්මාන්තයක් සඳහා වන නිපුණතා සේවාස්ථ පුහුණුව (ii) සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇත්නම්, ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත් වීමේ අවශ්‍යතාවයක් නොමැත.

සිද්ධි අධ්‍යයනය

ඉෂිකාවා ප්‍රාන්තයේ දැල්ලන් ධීවර බෝට්ටු 20 කට වැඩි ප්‍රමාණයක දැනට විදේශිකයෝ සේවය කරති. ඔවුන් ජපන් භාෂා පන්තිවලට සහභාගී වීම, අනෙකුත් විදේශීකයන් සමඟින් සංගීත කණ්ඩායම් පිහිටුවීම සහ ප්‍රාදේශීය ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ ක්‍රම ලෙස පුාදේශීය සුභසාධන පහසුකම් ස්ථාන සහ පාසල් වෙත යෑම සිදු කරයි.